Gossips

නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යටවෙයි – ගමනාගමනයටත් බාධා

අධික වර්ෂාවත් සමඟ ජලයෙන් යටවීම හේතුවෙන් නාවලපිටිය නගරය හරහා දිවෙන ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.
නාවලපිටිය නගරයේ තැපැල් කාර්යාලය ඉදිරිපිට සිට පොලීසිය දක්වා කොටසක් මෙලෙස ජලයෙන් යටවී ඇති බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
ඇතැම් ස්ථානවල මාර්ගය අඩි 02ක් දක්වා ජලයෙන් යටවී ඇති බව සඳහන්.
නාවලපිටිය නගරයේ වැසි ජලය බැසයාම සඳහා පවතින කාණු පද්ධතිය අවහිරවීම මෙම තත්ත්වයට හේතුව බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.