නාවලපිටිය ප්‍රදේශයේදී අද පෙරවරුවේ දුම්රියේ ගැටී තරුණයෙකු සහ තරුණියක ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
දුම්රියේ ගැටීමට ගිය තරුණියක, තරුණයා විසින් මුදාගැනීමට උත්සහ කළ අවස්ථාවේදී දෙදෙනාම දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මියගිය තරුණයා සිය පෙම්වතිය සමඟ දුම්රිය මාර්ගයේ ගමන් කර ඇති අතර, ඔවුන්ගේ මිතුරියක වන අනෙක් තරුණිය ජංගම දුරකථනයක් භාවිතා කරමින් ඔවුන්ට ඉදිරියෙන් ගමන් කර තිබෙනවා.
එහිදී කොළඹ – කොටුවේ සිට ඇල්ල දෙසට ධාවනය වූ දුම්රිය පසුපසින් පැමිණ ඇති අතර, එය දුටු තරුණයා ඔහු සමඟ ගමන් කළ පෙම්වතිය දුම්රිය මාර්ගයෙන් ඉවතට තල්ලූ කර ඉදිරියෙන් ගමන් කළ මිතුරිය බේරාගැනීමට උත්සහ කිරීමේදී දෙදෙනාම දුම්රියේ ගැටී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
මියගිය තරුණයා නාවලපිටිය – දෙකිඳ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි අයෙකු වන අතර, මියගිය තරුණිය නාවලපිටිය – ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි තැනැත්තියක්.