Gossips

නාලන්ද පිළට ජය

45 වන වරට සංවිධාන කළ ආනන්ද – නාලන්ද වාර්ෂික එක්දින තරඟයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 16කින් ජය ගැනීමට නාලන්ද කණ්ඩායම අද (17) සමත් වුණා.
කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවති තරඟයේදී පළමුව පන්දුවට පහර දුන් ආනන්ද කණ්ඩායමට පන්දු වාර 48ක් තුළ සියළු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 197ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නාලන්ද කණ්ඩායම පන්දු වාර 33යි එක් පන්දුවකදී කඩුලු 5ක් දැවී ලකුණු 141ක් ලබා සිටියදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
ඒ අනුවයි ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 16ක ජයක් නාලන්ද කණ්ඩායමට හිමි වුණේ.