Gossips

නාලක සිල්වා යළි රිමාන්ඩ් – ඉන්දීය ජාතිකයා නිදහස් වෙයි

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මාර්තු මස 06 වනදා දක්වා අද යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
එහෙත් මෙම සිද්ධියට රිමාන්ඩ් කර සිටි ඉන්දීය ජාතිකයා මුදා හැරීමටයි නියෝග කර ඇත්තේ.
ඒ, මොවුන් දෙදෙනා කොටුව වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතිඥ ජයන්ත ඩයස් නානායක්කාර හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ විමර්ශණවලට අනුව මොහුට විරුද්ධව පියවර නොගන්නා බවයි.
එහෙත් පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වනදා සිට වීසා නොමැතිව මෙරට රැදී සිටීම සම්බන්ධයෙන් නඩු පවරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේ.
rn