Gossips

නාලක සිල්වාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇති බව නීතිපති අධිකරණයට දැනුම් දෙයි

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ මස 19 වනදා දක්වා අද යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඔහු කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කරමින් පසුවයි.
නඩුව කැදවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මොහුට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි.
මෙම සිද්ධියට අත්අඩංගුවට ගැණුනු ඉන්දීය ජාතිකයා මීට පෙර මෙම චෝදනා වලින් නිදහස් කෙරුණු නමුත් වීසා නොමැතිව මෙරට රැදී සිටීමේ චෝදනාවට ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.rn