නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාරගේ දුරකථන සංවාදවලට අදාළ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව රහස් පොලීසිය අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරදී තිබෙනවා.
හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ එය අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට භාරදී ඇති බවයි.
ඝාතන කුමන්ත්‍රණ චෝදනා එල්ල වන ත්‍රස්ත විමර්ශ කොට්ඨාශයේ හිටපු අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට සහ අදාළ තොරතුරු හෙළි කළ නාමල් කුමාරට විදේශ ගතවීමද අධිකරණය ඊයේ තහනම් කළා.