Gossips

නාලක, නාමල් කට හඬ ගැලපේ – ඉන්දීය ජාතිකයාගෙන් අධිකරණයට ඉල්ලීමක්

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ කට හඬ සාම්පල සැසදෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අද (23) අධිකරණයට දැනුම් දුන්නා.
ඒ, ඊට අදාළ නඩුව අද (23) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කැදවූ අවස්ථාවේදියි.
එහිදී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
එම වාර්තාවට අනුව ඔවුන් දෙදෙනාට අදාළව කට හඬ සාම්පල් 124ක් ලබාදී ඇති අතර, ඉන් 123ක්ම සැසදෙන බවටයි හෙළි වී ඇත්තේ.
මේ අතර, දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ වරකාපොළ පිහිටි නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා අද (23) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් ඝාතනය කිරීම සඳහා ඉන්දියාව කුමන්ත්‍රණය කරමින් සිටින බවයි.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ද තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයට හානි කර අයුරින් ක්‍රියා කරන බවට ද ඔහු අධිකරණයට දැනුම් දුන්නා.
මෙම කරුණු සම්බන්ධයෙන් තමන්ට ලිඛිත ප්‍රකාශයක් කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසටයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
ඒ අනුව මහේස්ත්‍රාත්වරිය ඒ සඳහා ඔහුට පැය දෙකක කාලයක් ලබාදුන්නා.
එමෙන්ම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද සිව්වන වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියේ පරීක්ෂණවලට අදාළවයි මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කරනු ලබන්නේ.