ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට හෙට (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දීමක් කර තිබෙනවා.
ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (16) දිනයේ ඔහුට මෙම දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණත් තම දරුවා අසනීප තත්ත්වයේ පසුවීම හේතුවෙන් පැමිණිය නොහැකි බව ඔහු දැනුම් දී තිබුණා.
ඒ අනුව හෙට පෙරවරුවේ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට කුරුඳුවත්ත පොලීසිය හරහා නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බව සඳහන්.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි මොහුට මෙම කැදවීම සිදුකර ඇත්තේ.
