ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතිකයා ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ මොවුන් කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එහිදි හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහල අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ මොහුට බන්ධනාගාර රෝහල තුලදී ප්‍රතිකාර ලබාදීමට හැකි බවයි.
කෙසේ වෙතත් ඔහුව භෞතික චිකිත්සක ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ මීට පෙර ප්‍රතිකාර ලබාගත් වෛද්‍යවරුන් වෙත යොමු කරන ලෙසට ද වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
