Gossips

නාලක ද සිල්වා පස්වන දිනටත් CIDයට

ප්‍රකාශයක් ලබාදීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද පස්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
පෙරවරු 9 යි 30 ට පමණ පැමිණි නාලක ද සිල්වාගෙන් මේ වනවිටත් ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
අවසන් වරට පෙරේදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් පැය 6 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබුවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියේ පරීක්ෂණවලට අදාළවයි මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්ණ කරනු ලබන්නේ.