නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් වන චෝදනා පිළිබඳව සහ ඊට අදාළ පරීක්ෂණ පිළිබඳව අද පාර්ලිමේන්තුවේ අවධානය යොමුවුණා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමත් සමඟයි.
සංවාදයට කථානායක කරූ ජයසූරිය, සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, සිසිර ජයකොඩි සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැදිහත්වීමත් සමඟ මතුවුණේ උණුසුම් තත්ත්වයක්.
පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා සහ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාරද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
