වර්තමානයේ රට තුළ ඇති වෙමින් පවතින තත්ත්වයන් හමුවේ වැඩිම බලපෑම් එල්ල විය හැක්කේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
කොළඹ අද (28) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර කියා සිටියේ ඒ හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ද විශේෂ ආරක්ෂාවක් ලබාදීම රජයේ වගකීමක් බවයි.
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කඩිනමින් අත්අඩංගුවට ගත යුතු බව ද ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා.
