Gossips

නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය

ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය පරිපාලන, කලමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ගත් තීරණයට පොලිස් කොමිසමේද අනුමැතිය හිමිව තිබෙනවා.
වැඩ තහනම් කිරීමට අදාළ නිර්දේශ අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්නගේ අත්සනින් යුතුව ජාතික පොලිස් කොමිසම වෙත අද පස්වරුවේ යොමු කෙරුණා.
ඒ අනුවයි ඊට මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ.