ජනපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයට අදාල දුරකථන සංවාද සම්බන්ධයෙන් වු රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාව සදුදා අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති බව නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් පිලිබද දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර පසුගිය මස 12 වනදා හෙළිකලේ ආදල කුමන්ත්‍රණයට , ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සෘජුව සම්බන්ධ බවට චෝදනා කරමින්.
ඒ හා සම්බන්ධ දුරකථන සංවාද කිහිපයක් මාධ්‍යට ලබාදුන් නාමල් කුමාර ඇතැම් දුරකථන සංවාද පොලිස් කොමිසමට සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවටද ලබා දිමට කටයුතු කර තිබුණා.
ඒ අනුව පසුගිය 26 වැනිදා සහ 28 වනදා නාමල් කුමාර සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා රස පරික්ෂක දෙපාර්තමේන්තුව වෙත කටහඩ සාම්පල ලබාදුන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අදාළව අධිකරණය දුන් නියෝගයක් මතයි.
මේ අතර ජනපති හිටපු ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් වහා රටට හෙළිකර, ඊට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අද වරකාපොළ නගරයේදි උද්ඝෝෂණයක් පැවත්වුනා.
එය සංවිධානය කර තිබුනේ ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපාලන නියෝජිතයින් සහ ආධාරකරුවන් පිරිසක් විසින්.
වරකාපොල නගරයේ සිට පාගමනින් පොලිස් ස්ථානය දක්වා පැමිණි විරෝධතාකරුවන් ස්ථානාධිපතිවරයා වෙත ලිපියක්ද භාර දි තිබෙනවා.