මිනිසෙකුගේ සිරුර මානවයාගේ මූලික අවශ්‍යතා සපුරාගැනීමට හැකි ආකාරයෙන් සමන්විතයි.
ඇතැම් මිනිසුන් සිරුරේ විවිධ අවයව අහිමිව උපත ලබන අතර තවත් පුද්ගලයන් විවිධ අනතුරු හේතුවෙන් මෙලෙස අවයව අහිමිවී යනවා
කෙසේ වෙතත් මිනිසාගේ ස්වසන පද්ධතියේ සිරුරේ පිටතට පිහිටා ඇති අවයවයක් වන නාසය නොමැතිව උපත ලද කුඩා දරුවෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම පුවත වාර්තා වන්නේ ඉරාකයෙන්.
එම දරුවාගේ නාසය උපතින්ම ඔහුට අහිමිව ඇති අතර තම දිවි පවත්වාගැනීමට අවශ්‍ය ආශ්වාස ප්රාස්වාස සිදුකරන්නේ සිය මුඛයෙන්.
කෙසේ වෙතත් දරුවාගේ සෞඛ්‍ය තත්වය යහපත් බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
කුඩා දරුවා පිළිබඳව වෙනත් වාර්තා කිසිවක් විදෙස් මාධ්‍ය වාර්තා නොකරන අතර අදාළ දරුවාගේ බවට දැක්වෙන ඡායාරූපයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.