Gossips

නායයෑමේ අවදානම පවතින ප්‍රදේශවලින් පවුල් 16ක් ඉවත් කරගැනේ

තලාතුඔය – පහත හේවාහැට – උළුවාකන්ද ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 13 කට අයත් පුද්ගලයින් 65 දෙනෙකු ඉවත් කර තිබෙනවා.
ඔවුන් මේ වනවිට හේවාවිස්ස විද්‍යාලයේ තාවකාලිකව රඳවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ අතර දෙල්තොට ප්‍රදේශයේද නායයෑමේ අවදානමක් හේතුවෙන් පවුල් තුනකට අයත් පුද්ගලයින් 9 දෙනෙකු ඉවත් කිරීමට මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තීරණය කළා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇතැම් ස්ථානවල පස් කඳු කඩාවැටීම් වාර්තාවී ඇති අතර, ඉන් දේපළ හෝ ජීවිත හානි වාර්තාවී නොමැති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.