Gossips

නායගිය තැන අසලින්ම හැටන් – බගවන්තලාව මාර්ගය යළි ඉදිකිරීමට නිර්දේශ

හැටන් – නෝර්වුඩ් – නිව් වැලිගම ප්‍රදේශයේ නායයාමට ලක් වූ හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගය ඒ අසලින්ම යළි ඉදිකිරීමට නිර්දේශ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.
පසුගිය 15 වනදා මෙම කොටස නායයාමට ලක්වුණේ නිවාස 5 ක් ද සමගින්.
එම මාර්ගය යළි ඉදිකළ හැකි ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයාම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස් බණ්ඩාර ඊයේ එම ප්‍රදේශයේ සංචාරය කළා.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කදු මුදුනේ් තවදුරටත් නායයාමේ අවදානමක් නොමැති බැවින් නායයාමට ලක් වූ මාර්ගය යළි එම ස්ථානයෙන්ම ඉදිකිරීමට බාධාවක් නොමැති බවයි.
ඒ අනුව, මාර්ගය ඉදිකිරීම සදහා මාර්ග සංවර්ධන අධිකාරියට නිර්දේශ ලබාදෙන බවයි ඔහු කියා සිටියේ.
ඒ හේතුවෙන් නායයාමට ලක්වූ මාර්ගයට ඉහළින් පිහිටි තේ වත්ත හරහා අලූතින් මාර්ගයක් ඉදිකිරීමට නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටි අතර, එය නතර කිරීමටයි ඔවුන් පියවර ගත්තේ.