Gossips

නායකත්වයේ වෙනසක් සමඟ 20 – 20 ගැටුමට එක්වන නවසීලන්ත බලඇණිය නම් කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පන්දුවාර විස්ස තරඟයට එක්වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.
ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වයට වේගපන්දු යවන ක්‍රීඩක ටිම් සවුති පත්කර තිබීම විශේෂත්වයක්.
මෙම තරඟයේදී නවසීලන්ත විස්සයි විස්ස නිත්‍ය නායක කේන් විලියම්සන් සහ වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන් බෝල්ට් විවේක ගන්වා ඇති බවයි වාර්තා වන්නේ.
දෙරට අතර පැවැත්වෙන පන්දුවාර 20 තරඟය ලබන 11 වනදා ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙනවා.
ටිම් සවුති (නායක), ලොකි ෆර්ගසන්, මාටින් ගප්ටිල්, ස්කොට් කගලින්, කොලින් මුන්රෝ, ජිමී නීෂම්, හෙන්රි නිකොල්ස්, ග්ලෙන් ෆිලිප්ස්, සෙත් රාන්ස්, මිචෙල් සන්තර්, ටිම් සයිෆට්, ඉෂ් සෝඩී, රෝස් ටේලර්