Gossips

නාම යෝජනා අහිමි වූ, මොහාන්, රවින් අධිකරණයට

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය සඳහා ඉදිරිපත් කළ තම නාම යෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව රවින් වික්‍රමරත්න ප්‍රකාශ කළා.
නිලවරණය සඳහා ඉදිරිපත් වූ මොහාන් ද සිල්වා ද ඒ සඳහා එක්වනු ඇති.
නිළවරණය සඳහා රවින් වික්‍රමරත්න සහ මොහාන් ද සිල්වා ඉදිරිපත් කළ නාම යෝජනා, අභියාචනා කමිටුව ඊයේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
අදාළ කමිටුවේදී නිලවරණය සඳහා සුදුසුකම් ලැබූ නම් සහ නුසුදුසු නම් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමුකළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
මෙම නිලවරණයේදී 2019 සිට 2021 වර්ෂය සඳහා සභාපති, උප සභාපතිවරුන් දෙදෙනෙකු, උප ලේකම්වරයෙකු, භාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික යන තනතුරු සඳහා නිලධාරින් පත් කර ගැනීමට නියමිතයි.