Gossips

නාමල් සමාව ඉල්ලයි

ජනබලය කොළඹ විරෝධතාව හේතුවෙන් මහජනතාව යම්කිසි පීඩාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් තමා සමාව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනුයි මන්ත්‍රීවරයා මේ බව පවසා ඇත්තේ.
එමෙන්ම තමන්ට විකල්පයක් නොතිබූන නිසාත්, රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තුවෙන් සිටින බවට රජයට පෙන්වීමට මින් හැකියාවක් ලැබුණ බවයි එම සටහනේ වැඩිදුරටත් සදහන් වෙන්නේ.
ජනතාවට තම නායකයන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් පත්කර ගැනීමට අවස්ථාව ලැබෙන තුරු මේ සටන ඉදිරියට ගෙන යන බව මන්ත්‍රීවරයා සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.