Gossips

නාමල් රාජපක්ෂ මේ සතියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශ ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නොමැති බවට එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් අද අධිකරණයට දැනුම් දුන්නා.
එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ සතිය තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන බවට දැනුම් දුන් බවයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණයට කියා සිටියේ.
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව නඩුව අද කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ නඩුව කැඳවනු ලැබුවා.
එහිදී දැනට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතිකයා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
මීට පෙර ඉන්දීය ජාතිකයා අධිකරණයට දැනුම් දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශ හමුවූ බවයි.
ඊට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙස අධිකරණය නියෝග කරනු ලැබුවා.