Gossips

නාමල් රාජපක්ෂට එරෙහි නඩුව ලබන 10 වනදා දක්වා කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 05 දෙනෙකු සහ ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමට එරෙහි නඩුව ලබන මස 10 වනදා දක්වා කල් දැමුණා.
ඒ, මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.
මෙම නඩුවේ දෙවන විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම ඊට හේතුවයි.
රුපියල් මිලියන 30ක මුදලක් අයුතු ලෙස උපයා ගැනීම මගින් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතට ගැනෙන වැරදි සිදුකළ බවට මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත් ගවර්ස් කෝපරේට් සමාගම, වෙනත් සමාගමක් සමඟ සිදුකළ ගණුදෙනුවකදී මෙලෙස අයථා ලෙස උපයා ගැනීම ඇතුළු අධි චෝදනා 11ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා.