Gossips

නාමල් කුමාර, අමිත් වීරසිංහ ගැන හෙළිකරයි

මහ සොහොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු දීමට දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.
මහනුවර – තෙල්දෙණිය සිද්ධිය සම්බන්ධයෙන් තමන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට හසුකර දීමට කටයුතු කළේ නාමල් කුමාර බවට මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ ඊයේ චෝදනා කළේ අධිකරණයෙන් ඇප ලබා පිටතට පැමිණි අවස්ථාවේයි.
ඊට පිළිතුරු ලබාදීමට නාමල් කුමාර මහතා අම්පාර ප්‍ර දේශයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.