Gossips

නාමල් කුමාරගේ හෙළිදරව්ව ගැන නිදහස් පක්ෂය විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සිදුකළ හෙළිදරව්ව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ විධිමත්ව සිදුවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
නාමල් කුමාර පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් පැවති බවයි.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු පිළිබඳව පක්ෂය අධ්‍යයනය කරමින් සිටින බවයි.