හොංකොං රාජ්‍යයට යැවූ දූෂණ විරෝධී බලකායේ කැදවුම්කරු නාමල් කුමාරගේ ජංගම දුරකථනයේ තිබී මකා දැමූ දත්ත රැසක් සොයා ගැනීමට හැකිවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.
ඒ, ඊට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
නාමල් කුමාරගේ ජංගම දුරකථනය හොංකොං බලා රැගෙන ගිය නිලධාරීන් පසුගිය 14 වනදා නැවත දිවයිනට පැමිණියා.
එහිදී අදාළ විශේෂඥවරුන් එම ජංගම දුරකථනයෙන් මකා දමා තිබූ හඩ පට ගණනාවක් සොයාගෙන තිබෙනවා.
ඊට අදාළ හඩ පට ඇතුළත් දත්ත බහලූම සහ එම විශේෂඥයින් ලබාදුන් වාර්තාවද අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළා.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන්් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන වසරේ ජනවාරි මස 02 වනදා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද අධිකරණය අද නියෝග කරනු ලැබුවා.
මීට අමතරව ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයාද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නිියෝග කෙරුණේ.
එහිදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මහේස්ත්‍රාත්වරයා එම අවස්ථාවේ ප්‍රකාශ කළේ සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ චෝදනා එල්ල වී ඇති බැවින් එවැනි අයෙකුට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ බලයක් නොමැති බවයි.
එමෙන්ම රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ දරුවෙකු ඩෙංගු රෝගය වැළඳීමෙන් මීගමුව රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් සිටින බවට නීතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්නා.
කරුණු සළකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට දරුවා බැලීමට සඳහා රෝහල වෙත රැගෙන යන ලෙසටයි.