Gossips

නාමල් කුමාරගේ ජංගම දුරකථනය පරික්ෂාවකට හොංකොං රැගෙන යයි

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාරගේ ජංගම දුරකථනය රැගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඊයේ රාත්‍රියේ හොංකොං බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ මෙම ජංගම දුරකථනයේ මකා දමා ඇති බව පැවසෙන හඩ පට පරික්ෂා කිරීම සඳහායි.
පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ නාමල් කුමාර සිදුකළ පැමිණිල්ලකට අනුව මෙලෙස ජංගම දුරකථනය ජාත්‍යන්තර මට්ටමේ පරික්ෂණයක් සඳහා යොමු කළ බවයි.
ජංගම දුරකථනය රැගෙන ගිය පරීක්ෂණ කණ්ඩායමට අපරාධ පරීක්ෂණ කණ්ඩායමේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් සහ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකු ඇතුලත්.