Gossips

නාමල් කුමාරගෙන් හඬ සාම්පල ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් හෙළිදරව්වක් කළ, දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර, රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර, කට හඬ සාම්පල ලබා ගැනීම සඳහා අධිකරණය අවසර ලබාදී තිබෙනවා.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙම නියෝගය ලබා දී ඇති අතර, හෙට පෙරවරු 10ට ඔහු රජයේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විනිසුරුවරිය නියෝග කළේ.
අදාළ දුරකථන සංවාදවල කට හඬ නිශ්චිත කර ගැනීමට සාම්පල් ලබා ගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අනුවයි කොටුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබාදී ඇත්තේ.