Politics Sri Lanka

නාමල් කරුණාරත්නගේ යෝජනාවක් අනුව වයඹ පළාතේ පොල් ඉඩම් කට්ටිකිරීම තහනම් කරයි

නාමල් කරුණාරත්නගේ යෝජනාවක් අනුව වයඹ පළාතේ පොල් ඉඩම් කට්ටිකිරීම තහනම් කරයි

පොල් ඉඩම් කට්ටිකිරීම තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී තීරණයක් ගෙන තිබේ.

පොල් වතු හිමියන්ගෙන් සහ පොල් ආශ්‍රිත කර්මාන්තයේ යෙදෙන්නන්ගෙන් තමන් වෙත පැමිණ තිබූ යෝජනා ගණනාවක් සැලකිල්ලට ගනමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා විසින් අද දින කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට මෙම යෝජනාව සිදුකරමින් පවසා ඇත්තේ පොල් ඉඩම් කට්ටි කිරීම තහනම් කළ යුතු බවයි.

ඒ අනුව වයඹ පළාත තුළ පොල් ඉඩම් කට්ටි කිරීම තාවකාලිකව තහනම් කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ නියෝගයක් කර ඇති අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාගේ එම යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමුකර අදාළ නීතිය මුළු රටටම බලපැවැත්වෙන පරිදි ගන්නා බවද එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.