Gossips

නාමල්ට විදෙස් ගත වීමට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර තිබෙනවා.
ඒ අනුව, පෙබරවාරි 26 වනදා සිට අප්‍රේල් 26 වනදා දක්වා කාලය තුළ ඔහුට විදේශ ගතවීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් නියෝග කළේ.
නේපාලයේ සහ රුසියාවේ පැවැත්වෙන තරුණ සමුළුවකට සහභාගි වීම සඳහා ඔහුගේ නීතිඥවරුන් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි විදේශ ගත වීමට මෙලෙස අවස්ථාව ලබාදී ඇත්තේ.