Politics Sri Lanka

නාමල්ටත් රට යාමට අවසර

නාමල්ටත් රට යාමට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම පෙබරවාරි 26 සිට අප්‍රේල් 26 දක්වා තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනි ඩයස් මහත්මිය අද (22) නියෝග කර තිබේ.

එන්.ආර්. කන්සල්ටන්සි සහ ගවර්ස් කෝපරේෂන් යන ආයතන දෙක යටතේ මිලියන 15ක් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති නුඩුවට අදාළව ඇප මත නිදහස්ව සිටින නාමල් රාජපක්ෂ මහතාගේ එම ඇප කොන්දේසි ලිහිල් කරමින් මෙම නියෝගය ලබා දී ඇත.