Gossips

නාමල්ගෙන් කැනඩා තානාපතිට දැඩි පිළිතුරක්

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමල ජාතික සන්ධාන නායකයින් හමුවිය යුත්තේ විදෙස් රටවල නියෝජිතයන් නොව මහජනතාව බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ පවසනවා.
"සමහරවිට විපක්ෂයේ නායකයින් ජනතාව හමු වී ඔවුන් සමග සාකච්චා කර මැතිවරණයකට ගොස් ජනතාවගේ බලාපොරාත්තු ඉටු කරන්නේ නම් මීට වඩා යහපත් පරිසරයක් නිර්මාණය වනු ඇති." ලෙසද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා.
නාමල් රාජපක්ෂගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ කැනඩා මහා කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් පවසන්නේ "ජාත්‍යන්තර ප්‍රජාවට ආදාළ කරණයේදී ඔබගේ පක්ෂයේ සගයන් කුමක් කරන්නේ දැයි ඔවුන්ගෙන් අසා දැනගන්නේ නම් මැනවි" ලෙසයි.
එම ප්‍රකාශයට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙලස දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.
"ඔබගේ ප්‍රතිචාරයට බොහොම ස්තූති, නමුත් ඔබ දැනගතයුතුයි ශ්‍රී ලංකාව යනු ස්වෛරී රාජ්‍යයක්. කවුරු රට පාලනය කලද එම පාලකයින් රටේ ජනතාවගේ ගැටළු විසඳීමට අවධානය යොමු කල යුතුයි. මැතිවරණයක් ලබාදීම ඇතුළුව."