Gossips

නාන බද්දක් නිසා කොළොන්න උණුසුම්

නාන බද්දක් අය කර ගත යුතු බවට මන්ත්‍රීවරයෙකු විසින් ගෙන ආ යෝජනාවක් හේතුවෙන් රත්නපුර – කොළොන්න ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම අද (23) උණුසුම් මුහුණුවරක් ගත්තා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ටී.එල්. තුසිත අද පැවැති ප්‍රාදේශීය සභා සැසි වාරයට අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්.
කොළොන්න – බුළුතොට ප්‍රදේශයේ නාන තොටුපළ රැසක් පවතින අතර, ඒවා සංවර්ධනය කිරීමට නම්, ස්නානය සඳහා පැමිණෙන ජනතාවගෙන් බදු මුදලක් අය කර ගත යුතු බවට ඔහු සභාවට යෝජනා කළ බවයි විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කළේ.
කෙසේ වෙතත්, යෝජනාව ඉදිරිපත් කළ කොළොන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රී ටී.එල්. තුසිත හිරු ප්‍රවෘත්ති කියා සිටියේ තමන් එවැනි යෝජනාවක් ඉදිරිපත් නොකළ බවයි.
නාන තොටුපළවල් සංවර්ධනය කිරීම සඳහා යම් මුදලක් දායක කර ගත යුතු බවට තමන් යෝජනා කළ බවයි ඔහු කියා සිටියේ.