නානුඔය, ඩෙස්පෝට් ප්රදේශයේ පිහිටි වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.
මෙම ගින්නෙන් වෙළඳසැල සහ තවත් නිවසකට සම්පූර්ණයෙන් හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොවී ඇති අතර වෙළඳසැලේ තිබූ ගෑස් සිලින්ඩර්, කුළු බඩු ඇතුලු භාණ්ඩ රැසක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව ඇති බව සඳහන්.
නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ප්රදේශවාසීන් පොලීසිය සමඟ එක්ව ගින්න පැය කීපයකට පසුව මහත් පරිශ්රමයක් දරා පාලනයකර තිබෙනවා.
මෙහිදි සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්නට හේතුව තවමත් අනාවරණය වී නැහැ.
ඡායාරූප – මස්කෙළිය, ගාමිණී බණ්ඩාර