මාඔය පිටාර ගැලීම හේතුවෙන් නාත්තණ්ඩිය, මහවැව සහ වෙන්නප්පුව ප්‍රදේශයේ පැවති ගං වතුර තත්ත්වය ඉහළ ගොස් තිබෙනවා.
පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ආර්. අලහකෝන් කියා සිටියේ මේ හේතුවෙන් පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ ලුණුවිල පාලම අසළින් කුඩා වාහන ධාවනය කිරීම අවදානම්සහගත බවයි.
එමෙන්ම ගං වතුර නැරඹීමට නොපැමිණෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් ද සිදුකළා.
