Gossips

නාගහනන්ද කොඩිතුවක්කුගේ නීතිඥ තනතුර වසර 3 කට අත්හිටුවයි

නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කුගේ නීතිඥ තනතුර වසර 3 කට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.
ඒ 2015 වසරේදී අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජිත් මලල්ගොඩට නඩු කටයුත්තක් අතරතුරදී මහජන විශ්වාසය බිඳ වැටෙන පරිදි ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින්.
අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය සිදු කෙරුණා.