Gossips

නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ යළි රිමාන්ඩ්

දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 28 වනදා එවකට ඛනිජ තෙල් අමාත්‍යවරයාව කටයුතු කළ අර්ජුන රණතුංග තෙල් සංස්ථා පරිශ්‍රයට පැමිණීමත් සමඟ ඇති වූ නොසන්සුකාරී තත්ත්වය හමුවේ අයුතු ජනරාශියක සාමාජිකයෙකු වෙමින් කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත කොළඹ අපරාධ කොට්ඨාශය මගින් පසුගියදා ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.