නාගරික කසල වලින් නිපදවනු ලබන කාබනික පොහොරවල සංයුතිය පිලිබද විද්‍යාත්මක විමර්ශනයක් වහාම සිදු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ එම පොහොරවල කැඞ්මියම් ඇතුළු බැර ලෝහ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බවට ලැබුණු පැමිණිලි හේතුවෙන්.
