Gossips

නාගමාණික්‍යයක් පැහැර ගැනීමට ගිය පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් නාගමාණික්‍යයක් යැයි පැවසෙන මැණිකක් පැහැර ගැනීමට පැමිණි පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාදම්පේ පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් සිදුකළ විමර්ශනයකට අනුව මෙම පොලිස් පරීක්ෂකවරයා ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව ප්‍රදේශයේදීයි.
පසුගිය ජුනි මාසයේදී මෙම පොලිස් පරීක්ෂකවරයා තවත් පිරිසක් ද සමග ගොස් මාදම්පේ – මහගම ප්‍රදේශයේම නිවසක තිබූ නාගමාණික්‍යයක් පැහැර ගැනීමට උත්සාහ කර ඇති බව සදහන්.
එදින තවත් පිරිසක් ද එම නාග මාණික්‍යය යැයි පැවසෙන මැණික පැහැර ගැනීමට පැමිණ ඇති අතර, එම අවස්ථාවේ ඔවුන් අතර ගැටුමක් ඇති වී තිබෙනවා.
පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය විසින් පුද්ගලයන් දෙදෙනෙකු වාහනයක් ද සමග අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වූ තොරතුරු මතයි මෙම පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔහු පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනුයක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක්.
අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා අද දිනයේ හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.