Gossips

න්‍යෂ්ටික අවි හරණය නිමවනතුරු උතුරු කොරියානු සම්බාධක ඉවත් නොකරන බව ඇමරිකාව කියයි

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි හරණය සම්පූර්ණ කරන තුරු එරටට පැනවුණු සම්බාධක ඉවත් නොකරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කළා.
උතුරු කොරියාවේ පැවති සාකච්ඡාවලින් අනතුරුව ජපානයට පැමිණි ඔහු ටෝකියෝ නුවරදී අද මේ බව කියා සිටියේ එරට අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් පසුවයි.
ඇමරිකාව දාමරික ලෙස තර්ජනයක් එල්ල කරන බවට උතුරු කොරියාව නගන චෝදනා ප්‍රතික්ෂේප කළ රාජ්‍ය ලේකම්වරයා කියා සිටියේ න්‍යෂ්ටික අවි හරණය ජාත්‍යන්තර ප්‍රජාවේ සාමූහික ඉල්ලීමක් බවයි.