Gossips

න්‍යෂ්ටික අවි අත්හරින්න උතුරු සහ දකුණු කොරියාව එකඟතාවක

කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට උතුරු සහ දකුණු කොරියානු නායකයින් එකඟතාව පළ කර තිබෙනවා.
උතුරු කොරියානු නායක, කිම් ජොං අන්, අද පැන්මුන්ජොම් නගරයට පැමිණියේ 1953 වසරේ කොරියානු යුද්ධය අවසන් වීමෙන් පසු ප්‍රථම වරට දකුණු කොරියානු දේශසීමාව තරණය කළ උතුරේ ජනාධිපතිවරයා ලෙසයි.
එහිදී දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් උණුසුම් අයුරින් ඔහු පිළිගත්තා.
ඔවුන් අතර සුහද සාකච්ඡා ආරම්භ වුණේ ඉන් අනතුරුවයි.
මෙහිදී දකුණු කොරියානු නායකයා තමන්ට උතුරට පැමිණිය හැක්කේ කවදා ද යනුවෙන් විමසා ඇති අතර එහිදී උතුරු කොරියානු නායක කිම් ජොං අන්, සිය නිල මන්දිරය වන බ්ලූ හවුස් හෙවත් නීල මන්දිරය වෙත පැමිණෙන්නැයි ඔහුට ආරාධනා කර තිබෙනවා.