Gossips

නළඟන ඇල්ලට බිළිවූ ජීවිතය

නළඟන ඇල්ලෙන් වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (17) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යටියන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙක්.
අදාල තරුණයා තවත් මිතුරන් 06 දෙනෙකු සමඟ බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පිහිටි නළඟන ඇල්ල නැරඹීමට ඊයේ සවස ගොස් තිබෙනවා.
එහිදී අදාල තරුණයා දිය නෑම සඳහා සුදානම් සිටින අවස්ථාවේ ගලකින් ලිස්සා ඇල්ලට වැටී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුරෙන් මියගිය තරුණයාගේ සිරුර අද (18) පෙරවරුවේ සොයාගැනීමට බුලත්කොහුපිටිය පොලිසිය සමත්ව ඇති අතර සිරුර මේ වනවිට කරවනැල්ල මුලික රෝහලේ තැන්පත්කර තිබෙනවා.