Gossips

නසීර් ජම්ෂෙඩ් වැරදිකරු වෙයි

එංගලන්තයේ ජාතික අපරාධ ඒජන්සිය සිදුකළ විමර්ශනයකදී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන නසීර් ජම්ෂෙඞ් අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට වැරදිකරු බව අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව ලබන වසරේ ජනවාරි මස 15 වැනිදා මැන්චෙස්ටර් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කර ඇති බව සඳහන්.
2017 වසරේ පෙබරවාරි මාසයේදී තරඟ පාවාදීම් සම්බන්ධ චෝදනාවකට අත්අඩංගුවට ගනු ලැබූ නසීර් ජම්ෂෙඞ්ට පසුගිය අගෝස්තු මාසයේදී පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් වසර 10 ක තරඟ තහනමක්ද පනවනු ලැබුවා.