Gossips

නව සේද මාර්ගය ගැන චීන ජනපතිගෙන් ප්‍රකාශයක්

පෙරදිග සහ අපරදිග යා කෙරෙන නව සේද මාර්ගය තුළින් චීනයට පක්ෂපාතී රටවල කල්ලියක් ගොඩනැගීමට අදහස් නොකරන බව චීන ජනාධිපති ෂී – ජින්පින් පවසනවා.
2013 වසරේ ප්‍රථම වරට එක් තීරුවක් සහ මාවතක් යන සංකල්පය යටතේ නව සේද මාර්ගය චීනය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
එහි 5 වන සංවත්සරය ඊයේ (01) දිනට යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් ජනාධිපති ෂී – ජින්පින් මෙම අදහස් දක්වා තිබෙනවා.
චීන ජනාධිපතිවරයා කියා සිටියේ නව සේද මාර්ගය තුළින් ඊට සම්බන්ධ රටවල් සමඟ චීනයේ වෙළද කටයුතු ඩොලර් ටි‍්‍රලියන 5 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම එම රටවල ආයෝජනය ද ඩොලර් බිලියන 60 ඉක්මාව ඇති බව ඔහු සඳහන් කළා.
නව සේද මාර්ගයට සම්බන්ධ රටවල් ණය උගුලකට සිර කරන බවට එල්ල වන චෝදනා චීනය ප්‍රතික්ෂේප කළා.
ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ බටහිර රටවල ආධාර ප්‍රශංසා කරන ඇතැමුන් චීන ආධාර ද්වේශසහගත ලෙස උගුලක් ලෙස හඳුන්වන බවයි.