Gossips

නව සැසියට පෙර කැබිනට්ටුව සම්පූර්ණ කරන බවට රජයෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුවේ නව සැසි වාරය ආරම්භවීමට නියමිත ලබන 14 වනදාට පෙර කැබිනට් අමාත්‍ය ධුර පත්කර අවසන් කිරීමට කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
මේ වන විට කැබිනට් අමාත්‍යවරුන් 17දෙනෙකු සහ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 09 දෙනෙකු බැගින් පත් කර තිබෙනවා.
ඒ අනුව ඉතිරි කැබිනට් අමාත්‍යවරුන් 13 දෙනා ලබන 14 වන දිනට පෙර පත් කරන බවයි අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළේ.