Gossips

නව ස්ථානීය දඩය හෙට සිට

රථ වාහන වැරදි සඳහා වන නව ස්ථානීය දඩ මුදල් අය කිරීම හෙට සිට ක්‍රියාත්මකයි.
ඒ අනුව අධික වේගයෙන් රිය ධාවනය සඳහා පනවා තිබූ රුපියල් දහසේ දඩ මුදල රුපියල් 3000 දක්වා වැඩි වනු ඇති.
එමෙන්ම මාර්ග නීති උල්ලගණය කරමින් රථ වාහන ධාවනය කිරීමට අදාළව පැවති රුපියල් දහසේ දඩ මුදල නව ස්ථානීය දඩ මුදල් අය කිරීම යටතේ රුපියල් 2000 දක්වා ඉහළ නැංවෙනවා.
මෙම නව දඩ මුදල් අය කිරීම යටතේ මීට පෙර අධිකරණය හමුවට ඉදිරිපත් කළ වැරදි ඇතුළු නව වැරදි 10ක් ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.
නව සංශෝධනවලට අනුව මෙතෙක් රුපියල් 20ක්ව පැවති අවම දඩ මුදල ද රුපියල් 500ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.
නව දඩ මුදල් ගෙවීම සඳහා දින 28ක කාලයක් ලබා දී ඇති අතර, මුල් දින 14න් පසු ගෙවන දඩ මුදල දෙගුණයක් වන බවයි පොලීසිය සඳහන් කළේ.