අලූතින් සහනාධාරය හිමිවන සමෘද්ධිලාභීන්ට එම සහනය නිශ්චිත කාලපරිච්ෙඡ්දයකට පමණක් ලබාදීමට තීරණය කර ඇති බව සමෘද්ධි අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් කොටවෙලගෙදර පවසනවා.
ඔහු කියා සිටියේ නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ එම සමෘද්ධිලාභීන් සවිබලගැන්වීම රජයේ අරමුණ බවයි.
මුදල් අමාත්‍ය මංගල සමරවීර පසුගියදා අයවැය කතාව ඉදිරිපත් කරමින් කියා සිටියේ සමෘද්ධි ව්‍යාපාරයට හයලක්ෂයක් පමණ අලූතින් ඇතුළත් කරගන්නා බවයි.
ඒ සඳහා රුපියල් මිලියන දස දහසක් වෙන් කරන බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කළා.