Gossips

නව සන්ධානය නව ලාංඡනයකින් හා නමකින් ආරම්භ කරනවා – රෝහණ ලක්ෂ්මන් පියදාස

ඉදිරියේදී බිහිවන සන්ධානය නව ලාංඡනයකින් හා නමකින් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ නව සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර මෙම විශේෂ සාකච්ඡාව අද පස්වරු 7ට පමණ ආරම්භ වූයේ ජනාධිපති නිල නිවසේදී.
ඊට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ නියෝජිතයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ නියෝජිතයින් කිහිප දෙනෙක්ද එක්ව සිටියා.