එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ බිහිකිරීමට අදාළ අවසන් සාකච්ඡාව අප්‍රේල් මස 20 වැනිදායින් පසු පවත්වන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
ඔහු කියා සිටියේ නව සන්ධානය මැයි දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂාවෙන් පසුවන බවයි.
නව සන්ධානයේ ව්‍යවස්ථාව ද මේ වනවිට එහි හවුල්කාර පක්ෂ වෙත ලබාදීමට කටයුතු කර තිබෙනවා.
