බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම වැළැක්වීමට නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් නව සන්ධානය කඩිනමින් පිහිටු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.
ඊට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ වර්තමාන ආණ්ඩුව ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණින් මැතිවරණ අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
මෙරට මාධ්‍ය නිදහස ඇති කිරීමට වහාම බලධාරීන් මැදිහත් වී කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
කොළඹ අද කැදවා තිබූ තවත් මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
