ආණ්ඩුවට බලපෑමක් එල්ල කළ හැකි නව සංවිධානයක් පිහිටුවීම සඳහා මේ වන විට දේශපාලන පක්ෂ 5ක් සමඟ සාකච්ඡා කර ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.
යෝජිත නව සංවිධානය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ හමුවකට නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ එක්වෙමිනුයි උන්වහන්සේ මෙම අදහස් පළ කළේ.
